Dec 11, 2021

පාසලක වරු නිවාඩුව

පාසලක සාමාන්‍ය රාජකාරි කාලය පෙ.ව.7.30 සිට ප.ව.1.30 දක්වා කාලයයි. එසේ නම් වරු නිවාඩුව ආරම්භක අවස්ථාවේ හෝ අවසන් අවස්තාවේ හෝ ඔනෑම වේලාවක ලබා ගන්නේ කෙසේද?

මෙ පිලිබදව ආයතන සංග්‍රහයේ විධිවිධාන පරීක්ෂා කරමු.

උපුටා ගැනීම....

XII -4 දවසකින් කොටසක් සදහා නිවාඩු....

4:1 අනුමත කළ යුතු කෙටිම නිවාඩ් කාලයකෙටි නිවාඩුවයි . (35 වගතිය බලන්න)

4:2 නිලධරයෙකු ස්වකීය දිවා භෝජන විවේකය හැර (උදය වරුවෙහි පමණක් හෝ සවස් වරුවෙහි පමනක් හෝ උදය සහ සවස යන දෙවරුවෙහිම හෝ) අඩුම වශයෙන් පැය තුනහමාරක් වැඩකර දවසේ ඉතිරි කාලය නිවාඩු මත සිටියයෙහොත්, එම දවස වෙනුවෙන් ඔහුගේ නිවාඩු කාලය දින භාගයක නිවාඩුවක් ලෙස ගණන් ගත යුතු ය. ඔහුපැය තුන හමාරකට වඩා අඩුවෙන් වැඩකර ඇත්නම් එය දිනක නිවාඩුවක්ස ලෙස ගණන්ගත යුතු ය.

4:3 පෙ .ව 8.30 සිට ප.ව 4.15 දක්වා වැඩ කළ යුතු නිලධාරීන්ට ඉහත 4:2 උප වගන්තිය අදාළ වේ.

උපුවා ගැනීම අවසන්

මෙම තත්වය පාසලට අදාලව විග්‍රහ කරමු.

ආයතන සංග්‍රහයේ XII -4 දවසකින් කොටසක් සදහා නිවාඩු ‍කොටසේ 4.3 දක්වා ඇති පරිදි සේවා කාලය පෙ .ව 8.30 සිට ප.ව 4.15 දක්වා වැඩ කළ යුතු නිලධාරීන්ට මෙන් ගුරුවරයාට අදාල නැත. එසේම පාසල් කාලයේ සිවා ආහාර විවේකයක්ද නොමැත. එබැවින් සේවා කාලය 13.30 - 07.30 = පැය 6.00 කි.

වරුවක් ලෙස 6/2= පැය 3 කි

ඒ අනුව උදය වරුව 07.30 - 3.00 = 10.30 වේ. එනම් උදය වරුවෙහි වරු නිවාඩුවක් ගන්නා ගුරුවරයෙකු පෙ.ව. 10.30 ට පෙර පාසලේ අත්සන් කල යුතු වේ.

ඒ අනුව සවස් වරුව 13.30 - 3.00 = 10.30 වේ. එනම් සවස්රු වරුවෙහි වරු නිවාඩුවක් ගන්නා ගුරුවරයෙකු පෙ.ව. 10.30 ට පසු පිටවීම පාසලේ අත්සන් කල යුතු වේ. පැමිණීම ‍පෙ.ව. 7.30 ට පෙර විය යුතුය.

රාජකාරි මැද කාලයේ දී වරු නිවාඩුවක් ගැනීම..

රාජකාරි කාලය පැය 3.00 ක් ඉක්මවා වැඩ කල යුතුය.

උදාහරන වශයෙන් පෙ.ව. 9.30 ට පාසලට පැමිණෙන ගුරුවරයෙකු 9.30 + 3.00 = 12.30 දකිවා රාජකාරි කර වරු නිවාඩුව ගත හැකි වේ.

මෙම තත්වය පාසලේ අනධ්‍යයන කාර්යය මණ්ඩලයට අදාල නැත. ඔවුන් වරු නිවාඩුවක් සදහා පැය 3 1/2 ක් වැඩකල යුතු අතර ඊට දිවා භෝජන විවේකය අයත් වන්නේ නම් පැය 4.00 ක සේවා කාලයක් අවශ්‍ය වේ.

ජී.උපුල් නන්දන පෙරේරා

2021.12.11 දින දීය...

NAASA Gmpaha

    676
    7