top of page
B10003.png
Search

පාසලක වරු නිවාඩුව

පාසලක සාමාන්‍ය රාජකාරි කාලය පෙ.ව.7.30 සිට ප.ව.1.30 දක්වා කාලයයි. එසේ නම් වරු නිවාඩුව ආරම්භක අවස්ථාවේ හෝ අවසන් අවස්තාවේ හෝ ඔනෑම වේලාවක ලබා ගන්නේ කෙසේද?


මෙ පිලිබදව ආයතන සංග්‍රහයේ විධිවිධාන පරීක්ෂා කරමු.

උපුටා ගැනීම....

XII -4 දවසකින් කොටසක් සදහා නිවාඩු....


4:1 අනුමත කළ යුතු කෙටිම නිවාඩ් කාලයකෙටි නිවාඩුවයි . (35 වගතිය බලන්න)


4:2 නිලධරයෙකු ස්වකීය දිවා භෝජන විවේකය හැර (උදය වරුවෙහි පමණක් හෝ සවස් වරුවෙහි පමනක් හෝ උදය සහ සවස යන දෙවරුවෙහිම හෝ) අඩුම වශයෙන් පැය තුනහමාරක් වැඩකර දවසේ ඉතිරි කාලය නිවාඩු මත සිටියයෙහොත්, එම දවස වෙනුවෙන් ඔහුගේ නිවාඩු කාලය දින භාගයක නිවාඩුවක් ලෙස ගණන් ගත යුතු ය. ඔහුපැය තුන හමාරකට වඩා අඩුවෙන් වැඩකර ඇත්නම් එය දිනක නිවාඩුවක්ස ලෙස ගණන්ගත යුතු ය.


4:3 පෙ .ව 8.30 සිට ප.ව 4.15 දක්වා වැඩ කළ යුතු නිලධාරීන්ට ඉහත 4:2 උප වගන්තිය අදාළ වේ.


උපුවා ගැනීම අවසන්


මෙම තත්වය පාසලට අදාලව විග්‍රහ කරමු.

ආයතන සංග්‍රහයේ XII -4 දවසකින් කොටසක් සදහා නිවාඩු ‍කොටසේ 4.3 දක්වා ඇති පරිදි සේවා කාලය පෙ .ව 8.30 සිට ප.ව 4.15 දක්වා වැඩ කළ යුතු නිලධාරීන්ට මෙන් ගුරුවරයාට අදාල නැත. එසේම පාසල් කාලයේ සිවා ආහාර විවේකයක්ද නොමැත. එබැවින් සේවා කාලය 13.30 - 07.30 = පැය 6.00 කි.

වරුවක් ලෙස 6/2= පැය 3 කි

ඒ අනුව උදය වරුව 07.30 - 3.00 = 10.30 වේ. එනම් උදය වරුවෙහි වරු නිවාඩුවක් ගන්නා ගුරුවරයෙකු පෙ.ව. 10.30 ට පෙර පාසලේ අත්සන් කල යුතු වේ.

ඒ අනුව සවස් වරුව 13.30 - 3.00 = 10.30 වේ. එනම් සවස්රු වරුවෙහි වරු නිවාඩුවක් ගන්නා ගුරුවරයෙකු පෙ.ව. 10.30 ට පසු පිටවීම පාසලේ අත්සන් කල යුතු වේ. පැමිණීම ‍පෙ.ව. 7.30 ට පෙර විය යුතුය.


රාජකාරි මැද කාලයේ දී වරු නිවාඩුවක් ගැනීම..

රාජකාරි කාලය පැය 3.00 ක් ඉක්මවා වැඩ කල යුතුය.

උදාහරන වශයෙන් පෙ.ව. 9.30 ට පාසලට පැමිණෙන ගුරුවරයෙකු 9.30 + 3.00 = 12.30 දකිවා රාජකාරි කර වරු නිවාඩුව ගත හැකි වේ.

මෙම තත්වය පාසලේ අනධ්‍යයන කාර්යය මණ්ඩලයට අදාල නැත. ඔවුන් වරු නිවාඩුවක් සදහා පැය 3 1/2 ක් වැඩකල යුතු අතර ඊට දිවා භෝජන විවේකය අයත් වන්නේ නම් පැය 4.00 ක සේවා කාලයක් අවශ්‍ය වේ.


ජී.උපුල් නන්දන පෙරේරා

2021.12.11 දින දීය...

NAASA Gmpaha

615 views

Recent Posts

See All

මේ සදහා අනුමාන ප්‍රශ්ණ්පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ්පත්‍ර සාකච්ඡා කිරීම Zoom තාක්ෂණික මගින් සහ Naasagampaha educationl Platform තුලින් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමි . අවබෝධය අභියෝගතාවය සහ බුද්ධි පර

ලැබුවා වවූ සිංහල හිංදු අලුත් අවුරුද නිරෝගීමත් දීර්ඝායුෂ සපිරි ඔබගේ දැනුම වර්ධකය කරන සුභම සුභ අලුත් අවුරුදක් වේවා .. ජී.උපුල් නන්දන පෙරේරා & naasagampaha educationl Platform

2023 මාර්තු 17 දින ගැසට් කර ඇත . අදාල විභාගය සදහා උපකාරක දේශන මාලාවක් naasagampaha educationl Platform තුල ඇතුලත් කරනු ලැබේ . එම දේශන වලට සම්බන්ද වීමට අවශ්‍ය විදුහල්පතිවරුන් 0718043580 අංකයට SLPS EB

bottom of page