top of page
B10003.png
Search

මේ වනවිට පැවැත් වූ විභාග හා පැවැත්වීමට නියමිත විභාග ....

රටේ පවතින වත්මන් තත්වය හමුවේ උවද,


1. (EB exam ) කාර්‍යක්ෂමතා කඩඉම් විභාග වල ප්‍රතිඵල ඉතා ඉක්මනින් නිකුත් කිරීම සිදුවනු ඇත. ඉදිරියේදී ද කාර්‍යක්ෂමතා කඩඉම් විභාග ගැසට් කරනු ඇත.


2.එසේම පැවති බදවාගැනීමේ සීමිත හා විවෘත විභාග වල ප්‍රතිඵල ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ඇත.


3.ඉදිරියේදී පැවැත්වීමට නියමිත , මේ වන විට ගැසට් කරන ලද විභාග ද, යම් කාලසීමාවක් තුල පවත්වනු ඇත.


4. එහෙත් මේ වසර තුල අත්‍යාවශ්‍යතම බදවාගැනීම් පමනක් සිදුකරනු ඇත.


5.අදාල විභාග වල ප්‍රතිඵල අනුව මෙම වසර අවසාන කාලසීමාව හෝ ලබන වසර මුල සම්මුඛ පරීක්ෂණ පවත්වා ලබන 2023 වර්ශයේ දී අවශ්‍ය බදවාගැනීම සිදු කිරීමට බොහෝවිට සිදුවේ.


රටේ දේශපාලනික හා ආර්ථික අස්ථාවරත්වය තුල මෙම තත්වය ඇතිවූ බව සිහිපත් කරමි. එබැවින් රටේ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය තුල රාජ්‍ය සේවයේ බදවාගැනීම හා උසස්වීම් ලබාදීම සිදුවනු ඇත. එහෙත් මෙම විභාග වල ප්‍රතිඵල ඒ සදහා භාවිතා කරන බව කාරුණිකව දන්වා සිටිමි ...


එබැවින් මේ වන විට පවත්වා නොමැති සියලුම විභාග සදහා විභාග දෙපාර්තමේන්තුව මගින් විභාග පවත්වන දිනයන් ප්‍රකාශ කරන තෙක් 2022 මාර්තු මාසයට ගෙවූ මුදල පදනම් කරගෙන මාසයකට පාඩම් කිහිපයක් හෝ නොමිලේ ඔබ වෙත ලබාදීමට අදහස් කර ඇති බව කාරුණිකව දන්වා සිටිමි .


Naasagampaha.com web අඩවිය පවත්වා ගැනීමට අන්තර්ජාල කටයුතුවලට මාසිකව හා වාර්ශිකව ඩොලර් යම් ප්‍රමානයක් වැය වේ. පසුගිය දින වල ඒ සදහාද බැංකු පහසුකම් සලසා ගැනීමට නොහැකි තතත්වක් පැවති අතර මහබැංකු අනුමැතිය අනුව එම තත්වය කලමනාකරනය කරගැනීමට හැකි විය.


විභාගය සදහා දින නියම කල පසු අවසන් මාසය සදහා පුනරීක්ෂණ පාඩම් ඇතුලත් කරනු ලබන අතර ඒ සදහා යම් ගාස්තුවක් අය කිරීම සිදු කල යුතුව ඇත.


එතෙක් මුදල් ගෙවීමකින් තොරව naasagampaha.com සමග රැදී සිටින ලෙස ඔබ සැමට කාරුණිකව ආරාධනා කරමි...


Access අවසන් වී ඇත්නම් ඔබේ Email ලිපිනය හා අවශ්‍ය පංතිය කුමක්ද යන විස්තර සමග අවශ්‍ය මාසය 071 8043580 අංකයට WhatsApp කරන්න .එවිට නැවතත් මුදල් ගෙවීමකින් තොරව access ලබා ගැනීමට හැකිය .


තවද මාගේ whatsApp Group සමහරකින් පසුගිය දිනවල සිදු වූ ගැටලුවක් නිසා මා left වී ඇත. ඒවායේ මේවන විට යොමුව ඇති admin හරහා නැවත මා ඊට ඇතුලත් කිරීමට කටයුතු කරන ලෙස ද කාරුණිකව ඉල්ලා සිටිමි ...


මෙය මා විසින් නිර්මාණය කල අර්බුදයක් නොවන බවද සිහිපත් කරමි.


සුදුසුකම් අනුව රජයේ සේවයේ නිලධාරීන් බදවාගැනීම හා උසස් කිරීම් සිදුවන ස්ථාවර ප්‍රතිපත්තියක් සහිත දේශපාලන ස්තාවරත්වයක් ප්‍රාර්ථනා කරමි...


ජය වේවා ...

ජී.උපුල් නන්දන පෙරේරා

2022.05.14 දිනදීය..

071 8043580 / 077 0050265

Naasagampaha educationl Platform

fb group - SLGO

YouTube - nandana perera

nandana71p@gmail.com



269 views

Recent Posts

See All

මේ සදහා අනුමාන ප්‍රශ්ණ්පත්‍ර හා ආදර්ශ ප්‍රශ්ණ්පත්‍ර සාකච්ඡා කිරීම Zoom තාක්ෂණික මගින් සහ Naasagampaha educationl Platform තුලින් ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමි . අවබෝධය අභියෝගතාවය සහ බුද්ධි පර

ලැබුවා වවූ සිංහල හිංදු අලුත් අවුරුද නිරෝගීමත් දීර්ඝායුෂ සපිරි ඔබගේ දැනුම වර්ධකය කරන සුභම සුභ අලුත් අවුරුදක් වේවා .. ජී.උපුල් නන්දන පෙරේරා & naasagampaha educationl Platform

2023 මාර්තු 17 දින ගැසට් කර ඇත . අදාල විභාගය සදහා උපකාරක දේශන මාලාවක් naasagampaha educationl Platform තුල ඇතුලත් කරනු ලැබේ . එම දේශන වලට සම්බන්ද වීමට අවශ්‍ය විදුහල්පතිවරුන් 0718043580 අංකයට SLPS EB

bottom of page